Kadawara Yahana - වීරමුණ්ඩ දෙවියෝ

වීරමුණ්ඩ දෙවියෝ

 

වීරමුණ්ඩ දෙවියන් හා සම්බන්ද උත්පත්ති කතාව ඉතාම රසවත් ප්‍රවාදයකි.පත්තිනි පාලඟ කතා පුවතේ එන පාලඟ කුමරුන් වීරමුණ්ඩ දෙවියන් ලෙස දේවත්වය ලබා ඇතැයි ජනප්‍රවාදයේ සඳහන් වේ.එනම පත්තිනි දේවිය මුල්කාලයේ දී ඉතාමත්ම අන්ත අසරණ දුක්කිත ජීවිතයක් ගත කිරීමට සිඳුවී ඇත.පාලඟයන්ට පවා කිරීමට කිසිදු රැකියාවක් වත් සොයා ගැනීමට නොහැකිව තිබූ අවදියේ එක් අවස්ථාවකදී පත්තිනියගේ ගෙල බැදි  රන් මාලය විකුණා මුදල්  රැගෙන එන ලෙසට සිය සැමියා වන පලඟ පිටත් කර හැරියේය.මේ සමයේදීම රටේ රජ බිසවගේ ද මාලයක නැති වී තිබුණි. පලඟ එය සොරාගත් බව සැක කළ රජ පුරුෂයින් ඔහුවට පහර දී මරා දැමීය.

මෙම සෝචනීය පුවත දැනගත් පත්තිනි දේවඟන රජුට ශාප කළාය.එම ශාපයෙන් රජු ළය පැලී මිය ගියේය.ඇය වඳුරු වසංගත පතුරුවා රාජධානිය ගිනිබත් කරන්නට විය.ඇගේ පා සළඹ බිම ගැමීමෙන් නුවර ගිනිබත් කරන්නට විය.පත්තිනි දේවියගේ පතිවතේ බල මහිමයෙන් පාලඟ නැවතත් උපන්නේය.ඒ වීරමුණ්ඩ දෙවියන් බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

වීරමුණ්ඩ දේවත්වයත් සමඟ ඔහු ලංකාවට පැමිණ මෙහි සිය අණසක පැතිර විය.රතු කුකුළෙකු සුරත දරා සිටින වීරමුණ්ඩ දෙවියන් ජනතාව අතර පතිරෙන ලෙඩ රෝගවලට පිහිට වන දෙවි කෙනෙක් වශයෙන් සැලකේ.